සියලුම රියදුරන්ට විශේෂ පණිවිඩයක්..
Sri Lanka Police
Sri Lanka
By krishani
රිය ධාවනය කිරීමේ දී රියදුරු අතින් සිදුවන වැරදි සඳහා ක්‍රියාත්මක "රියදුරු කුසලතා ලකුණු ක්‍රමය" ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ රිය ධාවනයේ දී රියදුරු අතින් මහමඟ සිදුවන වැරදි සඳහා නව ක්‍රමය යටතේ කුසලතා ලකුණු ලබාදීමේ සහ ඊට අදාළ දඩුවම් පැනවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බවයි.
ඊට අදාළ මූළික ක්‍රමවේදය මේ වන විට සකස් කර අවසන්ව ඇති අතර එය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට යොමුකිරීමට බලාපොරොත්තු වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |