තවත් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ..!

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Mar 05, 2023 02:35 PM GMT
Report

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින්, මෙවර රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට යාඥා සහ ආගමික වතාවත්වල නිරත වීමට හැකිවන පරිදි වැඩපිළිවෙලක් සකස්කරන ලෙස දැනුම් දී තිබේ.

විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල වෙත අදාළ දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වේ.

මෙවර රාමසාන් සමය මාර්තු මස 23 වනදා සිට අප්‍රේල් මස 21 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. හැකි සෑම අවස්ථාවක දීම එම නිලධාරීන්ට ආගමික වතාවත්වල නිරත වීමට හැකිවන පරිදි වැඩිමුර සකස් කර දියයුතු අතර නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කළ යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන්ය.

ඊට අමතරව රාමසාන් සමය අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ නිලධාරීන්ට උත්සය අත්තිකාරම් ලබාදීමට ද කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now