ජ'පුරට ආචාර්යවරුන්ගේ හිඟයක්.

University of Sri Jayawardenapura Sri Lanka
By Wayomi Mar 30, 2023 08:06 AM GMT
Report

 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ පුරප්පාඩු සංඛ්‍යාව 1200 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනවරණය වී ඇත්තේ, එම විශ්වවිද්‍යාලයේ සිටිය යුතු 1951ක් වන අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් දැනට සිටින්නේ 750 දෙනෙක් පමණක් බවයි.

සිසුන් දහසය දහසක් පමණ සිටින මෙම විශ්වවිද්‍යාලට අනුමත කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට අනුමැතිය ලබා දිය යුත්තේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සම්බන්ධයෙන් අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබෙන කමිටුව බවයි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරට ප්‍රකාශ කර ඇත්තේ.

ඒ, අනුමත කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට අනුමැතිය දිය නොහැකිද යන්න සම්බන්ධයෙන් සභාපතිවරයා කර ඇති විමසීමකදීයි.

කෙසේ වෙතත් මෙම පුරප්පාඩු පිරවීමට අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවෙන් ඉල්ලීම් කර තිබෙන බව මෙම අවස්ථාවට එක්ව සිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති මහාචාර්ය උපුල් සුබසිංහ සඳහන් කර තිබෙනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW