පාසල් සිසුවියකට ගුරුවරයෙක්ගෙන් අමානුෂික පහරදීමක්..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 22, 2023 12:46 AM GMT
Report

පාසල් ගුරුවරයෙකු විසින් සිසුවියකට ඉදල් මිටකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

එම පැමිණිල්ල සිදුකර ඇත්තේ, හලාවත - බුරුතකැලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් ය.

13 හැවිරිදි තම දියණියට පාසලේ දී ගුරුවරයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බව ඇය එහි සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත්, පාසලෙන් නිවසේ දී සිදුකිරීමට ලබාදුන් අභ්‍යාස පැහැර හැරීම හේතුවෙන් ගුරුවරයා සිසුවියට පහරදී ඇති බව පොලිසිය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join