පාසල් සිසුවෙක් සියතින්ම වෙඩි තබා ගනියි.

Police spokesman Sri Lanka Crime
By krishani Apr 22, 2023 02:33 AM GMT
Report

අම්පාර - මායාදුන්න ප්‍රදේශයේ දී පාසල් සිසුවෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන ඇති පුවතක් වාර්තා වේ.

15 හැවිරිදි ඔහු මායාදුන්න ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බව පොලීසිය සඳහන් කර සිටියේ ය.

පාසල නිම වී නිවසට පැමිණීමෙන් අනතුරුව මෙම සිසුවා නිවස පිටුපස පිහිටි ස්ථානයකට ගොස් වෙඩි තබාගෙන ඇති බව මුලික විමර්ශන වලදී අනාවරණය විය.

ඒ නිවසේ තිබූ බලපත්‍රයක් නොමැති බෝර12 ගිනිඅවියකින් ය.

වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තබා ගැනීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු අම්පාර රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join