ජුලි මාසයේ යළිත් බස් ගාස්තු සහ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝදනයක්.

Sri Lanka
By Wayomi Apr 05, 2023 08:24 AM GMT
Report

ලබන ජුලි මාසයේ යළිත් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඔහු කියා සිටින්නේ, අමතර කොටස් මිල පහළ දමන්නේ නම්, එහි වාසිය ද මගී ජනතාව වෙත ලබාදිය හැකි බවයි.

මේ අතර සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර ද පවසන්නේ, අමතර ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් සේවකයන්ට ලබාදෙන මුදල් මෙන්ම අමතර කොටස් සඳහා වැය වන අධික මුදල් ඉතිරි කර ගත හැකි නම් ත්‍රිරෝද රථ ගාස්තු තවදුරටත් අඩු කළ හැකි බවයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW