සහරාන්ගේ බිරිඳ ඝාතන තැතක් සහ මෙරට බුද්ධි අංශ එක්ව සිදු කළ පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණය ගැන ප්‍රබල අනාවරණයක්. (VIDEO)

Government Of Sri Lanka Easter Attack Sri Lanka
By Wayomi Mar 17, 2023 06:47 AM GMT
Report

පෙරේදා (මාර්තු 15) දිනයේදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 4ක් රඳවාගෙන සිටි පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැලකු සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කරනු ලැබුවා.

ඒ, කල්මුණේ මහාධිකරණය හමුවේදී අදාල නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි.

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැලකු සහරාන් ඇත්තටම එහි මහා මොළකරුද? නැත්නම් ඊට පිටුපසින් තිබෙන හස්තය කුමක්ද?

කෙසේ වෙතත් ඇය නිදහස් වීමත් සමඟ ඇයව ඝාතනයට සැලසුමක් ඇති බවට රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රබලයෙක් හෙළි බව ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති අජිත් ධර්මපාල මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ එකතරා Youtube නාළිකාවකට අදහස් දක්වමින්.

එහිදී ඔහු පාස්කු ප්‍රභාරය සම්බන්ධව ඔබ මෙතෙක් නොදත්, ඇතැම් නම්, ගම් සහිතව සාක්ෂි රැසක් හෙළි කර තිබෙනවා.

ඒ අනුව ඔහු ප්‍රකාශ කරන්නේ, පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නොව, ගෝඨාභයව ජනපති කරවීම උදෙසා දේශපාලකයන් සහ රාජ්‍ය බුද්ධි අංශය සහ යුධ හමුදා බුද්ධි අංශය එක්ව සිදු කළ ප්‍රහාරයක් බවයි.

ඊට අමතර පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය සිදු වූ ආකාරයටත්, මෙරට සිදු වූ ප්‍රබල ඝාතන කිහිපයක් සම්බන්ධයෙනුත් වැඩි දුරට අදහස් දැක්වූයේ මෙලෙසින්, (වීඩියෝව පහතින්)  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්