පියයුරු පිළිකා ගැන හෙළිදරව්වක්..

Sri Lanka
By krishani Oct 31, 2022 01:54 AM GMT
Report

මෙරටින් සෑම දිනකම පියයුරු පිලිකාවලට ගොදුරු වූ කාන්තාවන් 12 දෙනෙකු හදුනා ගන්නා බව පිලිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

දිනකට පියයුරු පිලිකාවෙන් කාන්තාවන් දෙදෙනෙකු මරණයට පත්වන බවත් පසුගිය වසරවලට සාපේක්ෂව මේ වනවිට පියයුරු පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවත් එම සංගමය පවසයි.

රෝගය හඳුනා ගැනීම සඳහා වන පරීක්ෂණ පහසුකම් සහ අවස්ථා පුළුල් වීම හා කාන්තාවන් අදාළ පරීක්ෂා කර ගැනීම් සඳහා පෙරට වඩා වැඩි උනන්දුවක් දැක්වීම හේතුවෙන් මෙලෙස රෝගීන් වාර්තා වීම ඉහළ යාමට හේතුව වේ.

පියයුරු පිළිකා වැළැක්වීම හා ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාසය සෑම වසරකම ඔක්තෝම්බර් මාසයට යෙදී ඇත.

කාන්තාවන් වියපත් වීමත් සමග පියයුරු පිලිකා වැළදීමේ ඉහළ අවදානමක් පවතින බවත් කලින් හඳුනා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම මෙය සුව කළ හැකි බවත් පිලිකා රෝග විශේෂඥ වෛද්‍ය විමුක්තිනි පීරිස් සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join