වයසින් වැඩි කාන්තාවක් සමග හිත් රිදවීම් නැතුව අදරණියව සම්බන්ධයක් පවත්වාගෙන යන්න උපදෙස් මෙන්න..

Sri Lanka Wedding
By Sewvandhi Mar 13, 2023 02:47 PM GMT
Sewvandhi

Sewvandhi

in රචනා
Report

මේක අද කාලේ හුග දෙනෙක් කතා කරන්න පැකිළෙන, ඒත් ඇත්තටම කතා කරන්න අවශ්‍ය වෙන මාතෘකාවක්. ඒ තමයි ඇන්ටි ලව්, එහෙම නැතිනම් වයසින් වැඩි කාන්තාවක් සමග ආදර සම්බන්ධතාවයක් පැවැත්වීම. කවුරුත් මේ ගැන කතා කරන්න පැකිළුනා කියලා ඇත්තටම මෙහෙම දේවල් නොවී තියෙන්නේ නැහැනේ.

අන්න ඒ නිසා හොඳම දේ තමයි එහෙම දේවල් අද සමාජයේ තියෙනවා කියන එක අවබෝධ කරගෙන, එකිනෙකාගේ හිත් රිදවගන්නෙ නැතුව කොහොමද එහෙම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නේ කියලා තේරුම් ගන්න එක. ඉතින් ඒ නිසා අපි අද ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නෙ වයසින් වැඩි කාන්තාවක් එක්ක හිත් රිදවීම් නැතුව සම්බන්ධයක් පවත්වාගෙන ආකාරය ගැනයි.

ඔයා එයාට සේවයක් කරනවා කියලා හිතන්න එපා

මේකත් හරිම වැදගත්. දැන් වයසින් වැඩිමහල් කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් සම්බන්ධතාවයක් පවත්වා ගෙන යනකොට ඒ පිරිමි කෙනාට හිතෙන්න පුලුවන් වයසින් වැඩි කාන්තාවට එයාගෙ වයසත් එක්ක ගැළපෙන කෙනෙක් හොයාගන්න බැරි නිසා එයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා.

එතකොට එයා හිතනවා මේ වයසින් වැඩි කාන්තාව එක්ක ශාරීරිකව එක්වීම එයාට කරන ෆේවර් එකක්, සේවයක් වගේ කියලා. හැබැයි එහෙම හිතන සම්බන්ධයක, එකිනෙකා කෙරෙහි තියෙන්න ඕන ගෞරවය තියෙනවා කියලා විශ්වාස කරන්න බැහැ. අන්න ඒ නිසා ඔබ හොදින් තේරුම් ගත යුතු කාරණයක් තමයි ශාරීරික හෝ රොමාන්තික සම්බන්ධතාවයක් කියන්නේ අන්‍යාන්‍ය මානව සබඳතාවයක් මිසක් කවුරුත් කාටවත් කරන උදව්වක් නෙවෙයි කියලා.

ආදරණීයත්වය

වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් සම්බන්ධයක් පටන් ගත්තත්, ඒක ශාරීරික අවශ්‍යතාවයක් සපුරා ගන්න විදියට පවත්වාගෙන යනවා කියන එක ටිකක් හිත් වේදනාවන් ඇති කරන කාරණයක්. විශේෂයෙන්ම කාන්තාවක් නිකම්ම ශාරීරික සම්බන්ධතාවයකට වඩා හැඟීම්බර සම්බන්ධතාවයක් බලපොරොත්තු වෙනවා කියලත් අපි දන්නවනේ.

ඒ නිසා, දෙන්නා රහසින් ශාරීරික සම්බන්දතාවයක් පවත්වාගෙන යන්න විතරක් එකඟ වුණත්, ඒකට රොමෑන්ටික් කොටසකුත් එකතු වෙන එක ඉතාම හොඳයි. ඒයින් ඒ සම්බන්ධය අර්ථාන්විත කරගන්නත් හැකි වෙනවා. ඒ නිසා එකිනෙකා පිලිබදව කෙයාරින්ග් ආදරයක් ගෞරවයක් තියෙන, කෙයාරින්ග් තියෙන සම්බන්ධයක් විදියට , මේ විදියේ එෆෙයාර් එකක් වුණත් පවත්වා ගෙන යන එක වටිනවා.

කොලිටි ටයිම් එකක් ගත කරන්න

දැන් අපි හිතමු වයසින් අඩු පිරිමියෙක් සහ වයසින් වැඩි කාන්තාවක් අතර තියෙන්නේ තනිකරම ශාරිරිරකව එක්වීමක් වෙනුවෙන් පවත්වාගෙන යන එෆෙයාර් එකක් කියලා. හැබැයි ඒක එහෙම වුණත් දෙන්නාටම හොඳටම එන්ජෝයි කරන්න පුලුවන් එකක් වෙන්න ඕන. නැත්නම් ඒක නිකම්ම ආත්මාර්ථකාමී තමන්ගේ වැඩේ විතරක් කරගැනීමක් වෙනවට වඩා ඒකට කොලිටි ටයිම් එකක් එකතු වෙනවා නම් බොහොම හොදයි.

උදාහරණයක් විදියට, දෙන්නම එකඟතාවයෙන් පවත්වගෙන යන්නේ ශාරිරිකව එක්වීමට විතරක් ඇති කරගත්තු සම්බන්දයක් වුණත් දෙන්නත් එක්ක ඇවිදින්න යන එක හරි, ෆිල්ම් එකක් බලන එක හරි, ලන්ච් එකකට හරි ඩිනර් එකකට යන එක හරි, කතාබහ කරමින් වෙලාවක් ගත කරන එක සහ දෙන්නම එන්ජෝයි කරන වෙනත් ඕනම ක්‍රියාකාරකම් එක්ක ශාරිරිකව එක්වෙන එක තමයි කොලිටි ටයිම් එකක් කියන්නේ. එහෙම කොලිටි ටයිම් එකක්, දෙන්නගේ කැමැත්තෙන් රසවිඳීමක් ෂෙයාර් කරගන්න පුලුවන් නම්, සම්බන්ධතාවය ‍තුළ එකිනෙකාව පාවිච්චි වෙනවා කියන හැඟීම එන එකක් නැහැ.

ගෞරවය හා විනිශ්චය නොකිරීම

වයසින් වැඩිමහල් කාන්තාවක් හා වයසින් අඩු පිරිමියෙක් අතර සම්බන්ධයකදී, පිරිමියා වයසින් අඩු වුවත් වඩා වැඩියෙන් මුහුකුරා ගිය දැන උගත්කමින් පිරිපුන් මනුස්සයෙක් නම්, දෙන්නා අතරේ ලොකු බුද්ධිමය සහ මානසික ගැප් එකක් තියෙන්නේ නැතිවෙන්න පුළුවන්. ඒත් එහෙම නැත්නම් ඇතැම් විට පිරිමියාට වඩා කාන්තාව වැඩි මුහුකුරා යෑමක් සහ වැඩි දැනුමක් තියෙන කෙනෙක් වෙන්න පුලුවන්.

සමහර විට පිරිමි කෙනාට ඒ තරම් ඒක රුස්සන්නේ නැති වෙන්නත් පුලුවන්. එහෙමත් නැතිනම් සම්බන්ධය ඇතුළේ පිරිමියා ඕනෑවට වඩා බබා වෙන්න හදනවා වෙන්නත් පුලුවන්. හැබැයි එකිනෙකාව විනිශ්චය නොකිරීම සහ ගෞරව කිරීම ඔස්සේ ඔය මොන දෙයින් වුණත් ඇතිවෙන්න පුලුවන් ගැටළු වළක්වා ගන්න පුලුවන්. විශේෂයෙන්ම වයසින් වැඩි කාන්තාවක් මේ විදියට ශාරීරක එක්වීමක් වෙනුවෙන් සම්බන්දයක් ඇතිකර ගැනීම වගේ හරි එහෙමත් නැත්නම් වෙනත් හේතුවක් හරි ඔස්සේ එයාව ජජ් නොකිරීම, විනිශ්චයට ලක් කිරීම නොකළ යුතුයි.(උපුටාගැනීමක්)


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. 

වැඩි විස්තර..