හදිසි රසායනික, න්‍යෂ්ටික ප්‍රහාරයකින් බේරෙන්න කොළඹ ජාතික රෝහල සැරසෙයි..ඔබත් මේ ගැන දැනුවත් වන්න.

Sri Lanka Colombo Hospital
By Aruna May 11, 2023 05:23 AM GMT
Report

හදිසියේ ඇතිවිය හැකි රසායනික, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබද පෙරහුරුවක්, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගෙන් කල ඉල්ලීමකට අනුව, ගුවන් හමුදා රසායනික ජීව විද්‍යාත්මක න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පක්ෂාංගය සහ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සාමාජිකයින් සමග එක්ව ජාතික රෝහල් පරිශ්‍රයේදී ඊයේ දින (2023 මැයි මස 10 වන දින) සිදු කරනු ලැබුවා.

මෙම පුහුණු අභ්‍යාසයේ මූලික අරමුණ වී ඇත්තේ, අවම කාලයක් තුල රෝගින් ගුවන් මගින් හෝ ගොඩබිමෙන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සහ ක්ෂණික ප්‍රථිකාර ලබාදීමයි.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා රසායනික" ජීව විද්‍යාත්මක" න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පක්ෂාංගයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා ඇතුලු නිළධාරීන් හා සෙසු නිළයින් මෙන්ම කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ කාර්යය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now