ප්‍රාදේශීය - දිස්ත්‍රික් ලේකවරුන් සහ ග්‍රාම නිලධාරීන්ට අගමැතිගෙන් තහනම් නියෝගයක්.

Dinesh Gunawardena
By Wayomi Mar 04, 2023 05:52 AM GMT
Report

තම වසම තුළ සිටින ව්‍යාපාරිකයන් ඇතුළු කිසිම කෙනෙකුගෙන් උත්සව ආදියට මුදල් එකතු කිරීම තහනම් කිරීමට පියවර ගන්නා බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ, ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකවරුන් විවිධ උත්සව පැවැත්වීම සඳහා ග්‍රාම නිලධාරීන් ලවා ග්‍රාම නිලධාරි වසම් තුළ ඇති ව්‍යාපාරික ස්ථානවලින් මුදල් එක්රැස් කරවන බවට පැමිණිලි ලැබීම හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබා දෙනු ඇති.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW