Professional චරිතයක් වෙන්න ඔබ පුරුදු කළ යුතු දේවල් මෙන්න.

By Wayomi Aug 05, 2022 07:55 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

තැනකට ගියාම හෝ වේවා කිසියම් chat එකකදී හෝ වේවා සමහර යාලුවෝ කියන දෙයක් තමයි ගොන් joke කරන්නේ නැතිව ටිකක් Professional වෙන්න බලපන් කියලා. ඔබටත් මෙහෙම කියලා ඇති. ඔබත් කල්පනා කරනවා ඇති කොහොමද එහෙම වෙන්නේ කියලා. ඇත්තටම මොකක්ද මේ Professional කියන්නේ?.

වෘත්තීයභාවය හෙවත් Professionalism

♟️ රැකියාව කරන ආයතනයේ ඔබ ඇඳුම් ඇඳිය යුතු ආකාරය, හැසිරිය යුතු ආකාරය, විද්‍යුත් තැපෑලට පිළිතුරු ලිවිය යුතු ආකාරය, ඒ වගේම ඔබේ හැසිරීම තුල පිළිගත හැකි දේවල් හා නොහැකි දේවල් සහ වැඩ කටයුතු කරගෙන යාමේ දී අනුගමනය කිරීමට තිබෙන නීති රීති තියෙනවා.

♟️ ඒවා තියෙන්නේ ඔබේ Professionalism එක රැකගන්න. ඔබ ගෙදර ඉන්න විදිහට, ගෙදරදී කනබොන, හැසිරෙන ආකාරයට රැකියා ස්ථානයේ ඉන්න බෑ. එතැනදී ඔබ වැදගත් විදිහට ඉන්න ඕන. ටිකක් පොෂ් වෙනවා කිවුවත් වැරැද්දක් නැහැ. අන්න ඒක තමයි අර යාලුවෝ කියන Professional එක. ඉතින් අපි බලමු රැකියා ස්ථානයකදී හෝ වේවා ඔබේ Professionalism එක ගොඩනගා ගන්නේ කියලා.  

Professionalism ඇතයි කරගන්නේ කොහොමද?

💜 රැකියාවේදී හැසිරෙන ආකාරය

💜 අන් අයට ආචාරශීලී වීම සහ සෑම කෙනෙකුගේම කාලයට ගරු කිරීම

💜 සෑම රැස්වීමකටම නියමිත වේලාවට පැමිණිම

💜 සෑම වැඩ කරන දිනකම වැඩට පැමිණීම

💜 සෑම කෙනෙකු සමඟම කටයුතු කිරීමේදී අවංක වීම

💜 ඔබව විශ්වාස තැබිය හැකි අයෙකු වීම.

💜 යහපත් සන්නිවේදනය. ඔබට කිසියම් දිනයක වැඩ කිරීමට නොහැකි නම්, හැකි ඉක්මනින් ඔබේ කළමනාකරුට දන්වන්න, වෙලාවට පණිවිඩ ලැබෙන්න සලස්වන්න.

💜 අනෙක් අයට සහාය වීම

💜 ඔබේ කණ්ඩායමේ සාමාජිකයින්ට උනන්දුවෙන් සවන් දීම

💜 කරනා දෙයට පූර්ණ අවධානය යොමුකරන්නෙකු වීම හා ධනාත්මකව බව

💜 ඔබේ භූමිකාව සඳහා ගැලපෙන ලෙස ඇඳුම් අඳින්න. ප්‍රතිරූපය අන් අයට අප ගැන අදහසක් ඇති කරනවා. මිනිස්සු මුලින්ම අපිව විනිශ්චය කරන්නේ අපව ඔවුන්ට පෙනෙන විදියෙන්.

💜 සියලුම ව්‍යාපාරික කටයුතු වෘත්තීය ආකාරයෙන් සිදු කරන්න.

💜 දුරකථනයෙන් වේවා පෞද්ගලිකව වේවා ආචාරශීලීව හා ගෞරවාන්විතව කතා කරන්න.

💜 ඔබ සාකච්ඡාවක් පැවැත් වූ පසු කතා කළ, එකඟ වූ සියලු වැදගත් දෙය සටහන් කර ඊ-මේල් පණිවිඩයක් යවන්න. වරදවා තේරුම් ගත් දෙයක් වූවා නම් එය නිවැරදි කරගැනීමටත්, පසු කලෙක වුවද අවශ්‍ය තොරතුරක් සිහි කැඳවා ගැනීමටත් උදව් වෙනවා.

💜 වෙලාවට වැඩ

💜 ඔබේ වැඩ කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබව ඔබේ ප්‍රධානියා රැකියාවට ගත්තේ හා ඔබ වැඩට ආවේ කුමක් සඳහා ද කියලා අමතක කරන්න එපා.

💜 ඔබේ පළමු රාජකාරිය වන්නේ ඔබ සේවය කරන ආයතනය වන අතර ඔබ එහි සිටින විට, ඔබේ කාලය හා ශක්තියෙන් 100% ක් ආයතනයේ ඔබට පවරා ඇති කටයුතු වෙනුවෙන් යෙදවිමයි.

💜 ඔබගේ මේසය හෝ ලිපිගොනු රඳවනය, ලැප්ටොප් පරිගණකයේ ඇති ලිපිගොනු යන ඕනෑම දෙයක් වේවා, පිරිසිඳුව හා පිළිවෙලට තබා ගන්න

💜 ඔබ ආයතනයකින් ඉවත් වූ විට වෘත්තීයභාවය අවසන් නොවේ. ඔබ ඉල්ලා අස්වීම ලබා දුන් දින සිට (අවශ්‍ය හෝ හැකි ඉක්මනින්) ඔබ පිටත්ව යන දිනය දක්වාත්, ඉන්පසුවත් ඔබේ වෘත්තීයභාවය පවත්වා ගැනීමට කටයුතු කරන්න.එතකොට ලස්සනට ජීවත් වෙන්න ලේසි.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW