හරක් කටාට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකුට වැඩ වරදී..
Sri Lanka Police
STF
Sri Lanka
By krishani
සංවිධානාත්මක අපරාධකරුවකු වන හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැක පිට පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් ය.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා බස්නාහිර පළාත බුද්ධි කොට්ඨාසයට අනුයුක්ත මිරිහාන උප ඒකකයේ රාජකාරී කරන පුද්ගලයෙක් ය.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 74 ක්, ඒවා ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක් සහ ජංගම දුරකතන දෙකක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |