දරුණු ගුවන් අනතුරක් - ගලවා ගැනිමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි..

Nepal Accident
By krishani Jan 15, 2023 07:13 AM GMT
Report

නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපළ ධාවන පථයේ දී ආසන 72කින් යුත් මගී ගුවන් යානයක් කඩා වැටී ඇත.

ගුවන් යානය අනතුරට පත් වන විට එහි මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු ගමන් කරමින් සිටි බව The Kathmandu Post වාර්තා කරයි.

අනතුරින් සිදු වූ ජීවිත හා දේපල හානිය පිළිබඳව තවමත් නිෂ්චිත සංඛ්‍යා දත්ත මාධ්‍ය වෙත නිකුත් වී නොමැත.

ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක වන අතර Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපළ තාවකාලිකව වසා දමා ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇති ගුවන් යානය Yeti ගුවන් සේවයට අයත් එකක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join