වන්දනා කරුවෙක් හදිසියේම මියයයි..
                                    
                    Sri Lanka
                
                                                
                    Sri Lanka Police Investigation
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    අද (23 ) ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙක් හදිසියේ මියගොස් ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ, තංගල්ල අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ සිට පැමිණි ඩබ්ලිව්. ඒ ගුණපාල නැමති 70 හැවිරිදි අයෙකි.
නල්ලතන්නිය පොලීසිය සඳහන් කළේ, මියගිය අයගේ සිරුර මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති බවයි.
නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයේ, සීත ගඟුල ප්‍රදේශයට මඳක් ඉහළ දී වන්දනාකරු රෝගී වී ඇති අතර මස්කෙළිය රෝහලට රැගෙන යමින් සිටිය දී මියගොස් ඇතැයි නල්ලතන්නිය පොලීසිය කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |