පුද්ගලයෙකුට මරු කැඳවූ අධි බලැති විදුලි රැහැන..
                                    
                    Sri Lanka
                
                                                
                    Accident
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ජා -ඇල ප්‍රදේශයෙන් තෙමහල් නිවසක බිත්ති කපරාරු කිරීමට ගිය පුද්ගලයෙකු අධිබලැති විදුලි රැහැනක ගැටී ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වනවා.
අදාළ පුද්ගලයා තවත් දෙදෙනෙකු සමග අද (15) උදෑසන නිවසක බිත්ති කපරාරු කිරීමට යකඩ පලංචියක් බැදීමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පලංචිය බැදීමට යොදා ගත් යකඩ බටයක් අසල මාර්ගයේ තිබූ අධිබලැති විදුලි රැහැනක ගැටීමෙනුයි ඔහුට විදුලිසැර වැදී තිබෙන්නේ.
අදාළ පුද්ගලයා ජා-ඇල රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළ ද ඒ වනවිටත් ඔහු ජිවිතක්ෂයට පත්ව සිටි බව සඳහන්. මෙලෙස මියගොස් ඇත්තේ ජා-ඇල, තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙක්.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |