අලුතෙන්ම විශ්‍රාම වැටුපක්?. ලබා දෙන්න යන පිරිස ගැන කළ දැනුම්දීම..
Sri Lanka Politician
Government Of Sri Lanka
Ministry of Finance Sri Lanka
Latest Headlines
By krishani
සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ ස්වයං රැකියාවල නිරත වන්නන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
අදාළ වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බව ඔහු පැවසීය.
ඒ අනුව ලක්ෂ 12ක ජනතාව සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ ය.
එමෙන්ම සහතික පත් නොමැති වෘත්තිකයන්ට තම අමාත්‍යංශය යටතේ කෙටි පුහුණුවකින්, පරීක්ෂණයකින් සහතික පත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.