විදෙස් ගත ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුපක්
Parliament of Sri Lanka
Manusha Nanayakkara
Sri Lanka
By Sewvandhi
විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා වන විශේෂිත විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
එය ඉදිරි සති කිහිපය තුළ දී හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඒ අනුව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සහාය ඇතිව මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීමට නියමිතයි.
නීත්‍යානුකූලව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් මෙම විශ්‍රාම වැටුපට හිමිකම් කියනු ලබන අතර, ඒ යටතේ රුපියල් විසි දහසේ සිට රුපියල් ලක්ෂයක් දක්වා වූ විශ්‍රාම වැටුපක් ලබාගැනීමට ශ්‍රමිකයින්ට අවස්ථාව හිමිවනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |