"නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු ලෙස මම මැයි රැළියට එක් නොවෙමි."

Ranil Wickremesinghe Sri Lanka Politician UNP
By Wayomi Apr 22, 2023 06:47 AM GMT
Report

එජාපය විසින් මෙවර මැයි දිනයට සංවිධානය කරන මැයි රැළියට තමන් සහභාගී නොවන බව පක්‍ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා.

ඔහු එක්සත් ජාතික පක්ෂය කළමනාකරණ කමිටු රැස්වීමට දැනුම් දී ඇත්තේ, තමන් නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින නිසාවෙන් මෙවර මැයි රැළියට සහභාගි නොවන බවයි.

එමෙන්ම පාක්ෂිකයන් මෙන්ම තරුණ කොටස් සමග එක්ව මැයි දිනය සැමරීමට සැලසුම් කරන්නැයි ජනාධිපතිවරයා එහිදී එම කමිටු නියෝජිතයන්ට දැනුම් දී බවද සඳහන්. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW