මිලියනයක් පසුකරමින් - මෙරට කාන්තාවන්ගෙන් අලුත් වාර්තාවක්.

Sri Lanka
By Wayomi Feb 15, 2023 10:15 AM GMT
Report

මෙරට රියැදුරු බලපත්‍රය හිමි කාන්තාවන් මිලියනය පසු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාවේ සමස්ත රියදුරු බලපත්‍රලාභීන් 12,700,000දෙනා අතරින් 1,122,418ක් කාන්තා රියදුරු බලපත්‍රලාභීන් වෙනවා.

මෙම පිරිස අතරින් කාන්තාවන් 2082 ක් බර වාහන බලපත්‍ර ලබාගෙන ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වසන්ත ආරියරත්න මහතා පැවසුවේ.

එමෙන්ම 2010 වසරේ දෙසැම්බර් 31 වනදා වන විට කාන්තාවන් 23,488 දෙනෙකු සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කර තිබෙනවා.

එතැන් සිට 2020 දෙසැම්බර් දක්වා වසර 10 ක කාලය තුළ කාන්තා අයදුම්කරුවන්ගේ සැලකිය යුතු වර්ධනයක් සටහන් වී තිබෙනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  

JOIN NOW