ලොව ප්‍රමුඛ පෙළේ ඇමර්සොන් සමාගමත් කඩා වැටිලද? ළඟදීම සිදු වන වෙනස මෙන්න.

Amazon
By Wayomi Jan 05, 2023 08:51 AM GMT
Wayomi

Wayomi

in එතෙර
Report

ලොව ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල භාණ්ඩ අලෙවි කිරීමේ සේවාවක් වන ඇමර්සොන්හි සේවකයින් 18,000 කට අධික පිරිසක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

එම සමාගම සතුව ලක්ෂ 03 කට ආසන්න සේවකයින් පිරිසක් සේවය කරන අතර ඉන් 6%ක පිරිසකට මෙලෙස සේවය අහිමි වනු ඇති.

මීට හේතු වී ඇත්තේ, පසුගිය කාලයේ මුහුණපා ඇති ආර්ථික අර්බුදකාරී තත්ත්වයයි.

ඇමර්සොන් ප්‍රධාන විධායක ඇන්ඩි ජැසී පවසන්නේ, එම තත්වය තව දුරටත් පැවතිය හැකි බවයි.

ඒ අනුව අදාළ සේවක කප්පාදුව පිළිබඳව නිල නිවේදනය ලබන 18 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඇමර්සොන් යනු ලොව අන්තර්ජාල වෙළඳපොලේ මෙන්ම තාක්ෂණික හා ඩිජිටල් ක්ෂේත්‍රයේද ප්‍රමුඛපෙළේ සමාගමක්.

එමෙන්ම ලොව වටිනාම සන්නාමවලින් එකක් වන ඇමර්සොන්, ඇපල්, ෆේස්බුක් - මෙටා සහ මයික්‍රොසොෆ්ට් යන අමෙරිකානු ප්‍රධාන තොරතුරු තාක්ෂණ සමාගම් පහෙන් එකක් වීමද විශේෂත්වයක්.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW