අලුත උපන් බිලිඳා බුදුන්ට පූජා කළ මව..

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi May 04, 2023 05:58 PM GMT
Report

වත්තේගම පොලීසිය සඳහන් කළේ, වත්තේගම ඇල්කඩුව මාර්ගයේ මලියදේව ලෙන් විහාරයට යන මාර්ගය ආසන්නයේ පිහිටි බුදු පිළිමය යට දමා ගොස් තිබූ අලුත උපන් බිළිඳකු සොයා ගත් බවයි.

මෙම බිලින්දා වත්තේගම රෝහලට ඇතුළත් කර ඇත. මෙම දරුවා බුදුපිළිමය යට තබා ගොස් තිබෙන අයුරු ප්‍රදේශවාසීන් පිරිසක් දැක රෝහල්ගත කර ඇති බවට වාර්තා වනවා.

බිලිඳා බිහිකළ මව ගැන තොරතුරු හෙළි කර ගැනීමට ද වත්තේගම පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. එම දරුවා එම ස්ථානයේ දමා ගිය අය ගැන මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිවී නොමැත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now