නිදහස් පක්ෂය ඇතුළු පාර්ශව කිහිපයක් එකතුව නව සන්ධානයක් එළිදක්වයි..

Sri Lanka Politician Sri Lanka Sri Lankan political crisis
By krishani Jan 11, 2023 03:20 AM GMT
Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරග කිරීමට පිහිටුවන ලද නව සන්ධානය අද (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එළි දැක්වෙයි.

එම සන්ධානය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කර ඇති අතර  හෙලිකොප්ටරය ඡන්ද ලකුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට කණ්ඩායම් ඉදිරිපත් කරන බව එහි ජ්‍යේෂ්ඨ නිලධාරීයෙකු පැවසීය.

කෙසේවෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රමුඛ උත්තර ලංකා සභාගය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස ජාතික සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ඇතුලු පාර්ශව කිහිපයක් මෙම නව සන්ධානයට එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join