ජනපතිගෙන් නව පනතක්..!

Ranil Wickremesinghe Sri Lanka
By Sewvandhi Apr 28, 2023 08:07 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ,හරිත ආර්ථිකයක් ඇතිකිරීමට අදාළව නව පරිසර පනතක් ඇතුළු නව නීති කෙටුම්පත් රැසක් ඉදිරි වසර තුළ ගෙනඒමට අපේක්ෂා කරන බවයි.

 පරිසර සම්මාන ප්‍රධාන උත්සවයට එක්වෙමින්, ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපති පරිසර සම්මාන ප්‍රදාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වුණි. එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"IMF ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී සහ ඊට පෙරත් නව ආර්ථිකයක අවශ්‍යතාව පිළිබඳ මම පෙන්වාදුන්නා. එය ඉහළ තරඟකාරීත්වයක් සහිත ආර්ථිකයක්. එය ඩිජිටල් ආර්ථිකයක් සහ හරිත ආර්ථිකයක් ද වියයුතුයි. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භවීමත් සමඟ එම ප්‍රතිව්‍යුහගතකරණය මගින්ද ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බවට පත්වීම ඉලක්ක කරගනු ලබනවා.

එය ආරම්භයක් පමණයි තවත් බොහෝ දෑ ඉදිරියේදී සිදුකළ යුතුයි. අප හරිත ආර්ථිකයකට යාමේදී ඒ සඳහා නීති කෙටුම්පත් අවශ්‍යවෙනවා. එවැනි නව නීති කෙටුම්පත් රැසක් ඉදිරි වසර තුළ ඉදිරිපත් කෙරෙන අතර නව පරිසර පනතක් ද ඊට ඇතුළත්. මොකද අපේ පරිසර පනත සම්මත කරලා තියෙන්නේ 80 දශකයේ ඉන්පසු බොහෝ නව වර්ධනයන් ඇතිවී තිබෙනවා.

කාලගුණ විපර්යාස පිළිබඳ පනත , ජීව පද්ධති පනත, එලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අතර සිංහරාජය, හෝර්ටන් තැන්න නකල්ස් සහ මහවැලි ජෛව පද්ධති ලෙස ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. නැවත වනවගාව ඇතුළත් වන නව වනාන්තර පනතක් ගෙන ඒමට අදහස් කරන අතර මුතුරාජවෙල කලාපය ආරක්ෂාකිරීමේ නීති කෙටුම්පත් මෙන්ම මෙරට දර්ශනීය ස්ථාන සුරැකීමේ නීති කෙටුම්පතක් ඇතුළු නව නීති කෙටුම්පත් රැසක් සකස් කර ඉදිරි වසර තුළ ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now