දරු දෙදෙනා ළිඳට දමා සියදිවි නසාගැනීමට තැත් කළ පාපතර මව..

Ratnapura Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Feb 19, 2023 11:03 AM GMT
Report

පොලිසිය සදහන් කරන්නේ, රත්නපුර - කුරුවිට, කරපිංචාවත්ත ප්‍රදේශයේ මවක් සිය දරුවන් දෙදෙනා ළිඳට තල්ලුකර ඇය ද සියදිවි හානිකර ගැනීමට තැත්කර ඇති බවයි.

ළිඳට දැමූ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඔවුන් අවුරුදු හතහාමාර සහ එකහාමාරත් අතර පසුවන පිරිමි දරුවන්. 39 හැවිරිදි මව මේ වන විට රත්තනපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඇය කිසියම් ඖෂධයක් අධි මාත්‍රාවෙන් පානයකර සියදිවි නසාගැනීමට උත්සහකර ඇති බවටයි වාර්තා වන්නේ. දරුවන්ගේ පියා සමඟ ඇතිකර ආරවුලක් මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුවන්නට ඇති බවට සැක පළකරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now