පොලිසියට පැමිණිල්ලක් සිදු කිරීමට ආ මව සියදිවි නසා ගනී..! දරුවෙකු උදව් ඉල්ලා කෑ ගසයි..
අද (22) දින පවුල් ආරවුලක් හේතුවෙන් දිඹුල පතන පොලීසියට පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණි සිව්දරු මවක් පොලීසිය ආසන්නයේ පිහිටි ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට පැන ඇති බව වාර්තා වනවා.
ඇල්ලෙන් පැන්න මවගේ, සිරුර සොයා දිඹුල පතන පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මෙසේ ඩොවෝන් දිය ඇල්ලෙන් පැන අතුරුදහන් වී ඇත්තේ දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි ලෙච්චුමන් නිශාන්තනි නම් 34 හැවිරිදි සිව්දරු මවක් බවයි වාර්තා වන්නේ.
අද(22) පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට දරුවන් දෙදෙනෙකු සමග දිඹුල පතන පොලීසියට පැමිණ ඇති ඇය එක් දරුවෙකු සමග දිය ඇල්ල අසලට ගොස් තමන්ට බීමට වතුර විදුරුවක් රැගෙනඑන ලෙස දරුවාට පවසා තිබේ.
ඒ අනුව දරුවා එම ස්ථානයෙන් පිටව යාමත් සමග සිව්දරු මව ඩෙවෝන් දිය ඇල්ලට පැන ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන දිඹුල පතන පොලීසිය පවසයි. මව සමග ගිය දරුවා ආපසු පොලීසිය වෙත දිවගොස් අම්මා දිය ඇල්ලෙන් පහළට පැන්න බව පවසා තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |