අස්වාභාවික ලිංගික ක්‍රියාවක නිරත වූවා යැයි, දියණියගේ සහ සහෝදරියගේ රහස් ප්‍රදේශයට රත් වූ හැන්දක් තැබූ මව..
අස්වාභාවික ලිංගික ක්‍රියාවක හැසිරුණැයි කියමින් තම බාල වයස්කාර දියණියගේ සහ ඇගේ ඥාති සොහොයුරිය ගේ රහස් ප්‍රදේශය රත්වූ හැන්දකින් පුළුස්සා දැමීමේ සිද්ධියක් වාර්තා වනවා.
එනම්, එනම් තම එකොළොස් හැවිරිදි බාල වයස්කාර දියණිය සහ ඇගේ ඥාති සොයුරියගේ රහස් ප්‍රදේශය කෲර ලෙස පුළුස්සා දැමූ මවක් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී ,කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (04) නියෝග කළේ ඇයව ලබන 10 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සේදවත්ත, වැල්ලම්පිටිය පදිංචි ඩෙවින්තා ඉෂානි පෙල්මිමන් නැමැති කාන්තාවය.
අවුරුදු 11ක් වයසැති ගැහැණු දරුවන් දෙදෙනකුගේ රහස් ප්‍රදේශ පුලුස්සා කෲරත්වයට පත්කර ඇතැයි සදහන් කරමින් කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලීසිය කරන ලද පැමිණීල්ලකට අනුව මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන් මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
සැකකාරිය, වයස අවුරුදු 11ක් වන ඇගේ දියණීය සහ සැකකාරියගේ සහෝදරියගේ දියණීය මෙලෙස පුලුස්සා ඇති බවත් මේ වන විටත් එම දැරියන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |