ඇමරිකානු තානාපතිනියගෙන් විශේෂ පණිවිඩයක්..!

Sri Lankan protests United States of America Sri Lankan political crisis
By Sewvandhi Jul 13, 2022 05:41 PM GMT
Report

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් මෙම කාලය තුළ සියලු පාර්ශ්වවලින් සන්සුන් වන ලෙස ඉල්ලා තිබේ.

“ජාතියේ අභිවෘද්ධිය සඳහා කැපවීමෙන් සහ දිගුකාලීන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයක් ගෙන එන විසඳුම් ක්‍රියාත්මක කිරීමට කඩිනමින් ක්‍රියා කරන ලෙස අපි සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු,” ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියාය.

එක්සත් ජනපදය සියලු ප්‍රචණ්ඩත්වය හෙළා දකින බවත් නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery