පොලීසිය තුල ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට..!
Sri Lanka Police
Kalutara
By Sewvandhi
කළුතර දකුණ පොලීසිය සදහන් කළේ, කළුතර දකුණ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලක් විභාග කරමින් සිටීයදී පුද්ගලයකු හදිසියේ ඇදවැටී මියගොස් ඇති බවයි.
මෙලෙස ඇද වැටී, මියගොස් ඇත්තේ කළුතර දකුණ, සෙනවිරත්න පෙදෙසේ පදිංචිව සිටි ගජනායක මුදලිගේ නාලක තුෂාර නමැති පුද්ගලයකු බව පොලීසිය සඳහන් කළේය.
අදාල තැනැත්තා, කළුතර දකුණ පොලීසියේ ඉඩමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති අතර, පොලීසිය එය විභාග කරමින් සිටියදී හදිසියේ සිහිසුන්ව ඇතැයි පොලීසිය පවසයි.
1990 සුව සැරියෙන් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇති අතර, රෝහල් ගතකිරීමේදී මියගොස් ඇතැයි සඳහන් වේ. කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |