යාල බලන්න ගිය මැලේ ජාතිකයෙක් අතුරුදන්.

Sri Lanka Police Sri Lanka Tourism
By Wayomi Feb 25, 2023 08:30 AM GMT
Report

ඊයේ පස්වරුවේ සිට යාල වනෝද්‍යානය නැරඹීමට ගිය මැලේසියානු ජාතික සංචාරකයකු අතුරුදන්ව ඇති බව කිරින්ද පොලීසිය සඳහන් කරනවා.

ඔහු කැබ් රථයකින් රියදුරා ද සමග යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පිටත්ව ගොස් ඇති අතර මැණික් ගඟ ආසන්නයේදී රථයෙන් බැස මුහුදු ප්‍රදේශයට මොහු පා ගමනින් ගොස් ඇති බවත්, යළි නොපැමිණ ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ, අනුව කිරින්ද පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සහ යාල පලටුපාන වනජීවි කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව අතුරුදන්ව සිටින මෙම සංචාරකයා සොයා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. 

JOIN NOW