නායයෑමකින් ජිවිත රැසක් අහිමි වෙයි.. (විදෙස්)

Italy
By krishani Nov 28, 2022 04:02 AM GMT
Report

ඉතාලියේ - නේප්ල්ස් නගරයට ආසන්න කලාපයක සිදු වූ නායයාමකින් පුද්ගලයින් රැසක් මියගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිදුවූ මරණ ගණන මෙතෙක් තහවුරු කර නොමැති බව ය.

ඉතාලියේ ඉස්කියා දූපතෙහි නායයාමකින් පුද්ගලයින් රැසක් අතුරුදන්ව ඇති අතර අධික වර්ෂාවත් සමඟ ඇති වූ නායයාම හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට සහ  මෝටර් රථ රැසක් විනාශ වී ඇත.

මියගිය පිරිසකගේ සිරුරු මේ වනවිට හමුව ඇති අතර අතුරුදන් වූ පිරිස් සොයා මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join