වලවේ ගඟේ කිඹුල් කටට පැන්න කාන්තාව කෙස්වැටියෙන් අල්ලා බේරා ගැනේ - (VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Mar 03, 2023 01:36 PM GMT
Report

 ඔරුවක යමින් සිටි පුද්ගලයෙකු, අම්බලන්තොට පාලමෙන් වළවේ ගඟට පැන සියදිවි හානි කරගැනීමට උත්සාහ කළ කාන්තාවකගේ දිවි බේරාගැනීමට සමත්වී තිබෙනවා.

එම පුද්ගලයා පවසන්නේ කාන්තාව බේරාගැනීමට ආධාරක කිහිපයක් දැමුවද කාන්තාව එය ප්‍රතික්ෂේප කිරීමත් සමග තමන් ඇයගේ කෙස්වැටියෙන් අල්ලාගෙන ගොඩබිම වෙත පැමිණි බවය.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙලෙස කාන්තාව ගඟට පැන්න ස්ථානය කිඹුලන්ගෙන් ගහන ස්ථානයක් බවය. කාන්තාව මෙලෙස ගඟට පැන ඇති හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බේරාගත් කාන්තාව ප්‍රතිකාර සඳහා අම්බලන්තොට රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අම්බලන්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now