උසස් පෙළ විභාගය කල් යයි...? නාගානන්ද ගෙන් පෙත්සමක්

Sri lanka A/l Nagananda
By Sithumi Jan 28, 2022 03:32 PM GMT
Report

සිවිල් ක්‍රියාකාරී නාගානන්ද කොඩිතුවක්කු විසින් 2021 උසස් පෙළ විභාගය සති 20 කින් කල් දමන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර තිබෙනවා. 

 ලබන 07 වනදා 2021 උසස් පෙළ විභාගය ආරම්භවීමට නියමිතයි මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යවරයා ,විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුලු පිරිසක්.

පෙත්සම්කරු කියා සිටින්නේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට පුරා පාසල් සැලකිය යුතු කාලයක් වසා තිබූ අතර ඒ හේතුවෙන් සිසූන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල පාඩුවක් සිදුවූ බවයි විෂය නිර්දේශ පවා නිසි පරිදි සම්පුර්ණ කර ගැනීමට නොහැකි වූ බව ඔහු පෙන්වා දී තිබෙනවා 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join now