ෆවුසිට එරෙහිව විනය ක්‍රියාමාර්ග - හේතුව මෙන්න..
Sri Lanka
Samagi Jana Balawegaya
IMF Sri Lanka
By Sewvandhi
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේදී ඊයේ(28) IMF යෝජනාවලියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් එම තීරණය ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා IMF ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාදීම පක්ෂ තීරණයට පටහැනි බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ.
සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ ඒ.එච්.එම් ෆවුසි මහතා මෙලෙස දිවුරුම්දී තිබුණි.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමේ අරමුණින් මුජිබර් රහුමාන් මහතා පසුගිය දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |