26 හැවිරිදි තරුණියක් කොකේන් තොගයක් සඟවන් ආ හැටි.

Sri Lanka Police Bandaranaike International Airport Sri Lanka
By Wayomi Feb 28, 2023 09:58 AM GMT
Report

අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී බොලීවියානු ජාතික 26 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගැනුණා.

මෙසේ රැගෙනවිත් ඇති කොකේන් ද්‍රාවණය තුළ කොකේන් මත්ද්‍රව්‍ය සාන්ද්‍රනය ඉහළ මට්ටමක පවතින බවට වාර්තා වෙනවා.

එමෙන්ම අත්අඩංගුවට ගෙන ඇති කොකේන් මත්ද්‍රව්‍ය තොගය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 600ක බරකින් යුන්ත වන අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 230 ක් හෙවත් රුපියල් කෝටි 23ක් බවට අනුමාන කෙරෙනවා.

ඇය විසින් එක් ගමන් මල්ලක් පමණක් රැගෙනවිත් තිබූ අතර, ඒ තුළ ඇඳුම්, රෙදිපිළි තිබී ඇත.මෙම මත්ද්‍රව්‍ය තොගය ද්‍රාවණයක් සේ සකස් කර බෑගයේ ඇතුළත වූ රෙදිවලින් නිමකර ඇති සාක්කු ඇතුළු කොටස් කොකේන් දියරයකින් පොඟවා ගෙනැවිත් ඇති බව සඳහන්.

ඇයට මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කර දීම සඳහා අමෙරිකානු ඩොලර් 500ක මුදලක් හිමිවීමට නියමිතව තිබූ අතර කිසියම් පුද්ගලයෙකු පැමිණ එය රැගෙන යෑමට ද නියමිතව තිබී ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW