මන්ද බුද්ධික තරුණියකට අතවර කළ තිදරු පියා.
අසල්වාසී නිවසක ජීවත්ව සිටින මන්ද බුද්ධික තරුණියකට අතවර කල පුද්ගලයෙකු පිලිබඳ යක්කලමුල්ලෙන් වාර්තා වුණා.
මෙසේ අතවරයට ලක්ව ඇත්තේ 21 හැවිරිදි මන්ද මානසික තත්වයකින් පෙලෙන තරුණියකි .
අදාල තරුණියව බරපතළ ලෙස අතවරයට ලක් කල පුද්ගලයා පොල්පාගොඩ පදිංචි 63 හැවිරිදි තිදරු පියෙකි.
මෙම ඛේදනීය සිදුවීම සිදුව ඇත්තේ ඇය පෙර කැඩීමට ගොස් සිටි අවස්ථාවේ වන අතර එම අවස්ථාවේදීයි.
මෙම පුද්ගලයා ද තම ඉඩම අයිනේ සුද්ද පවිත්‍ර කරමින් සිට ඇති අතර පසුව මෙම තරුණියව දැක ඇයව එම ඉඩමේ පහලට කැඳවාගෙන ගොස් බරපතළ අයුරින් ලිංගික අතවර කර තිබෙනවා.
අනතුරුව එම තරුණිය මෙම සිදුවීම ඇගේ ඥාති සහෝදරියකට පවසා තිබෙනවා. පසුව එම කාන්තාව තරුණියගේ මවට එම සිද්ධිය පවසා තිබෙන අතර මව විසින් පොලිසියට මෙම සිද්ධිය පිලිබඳ පැමිණිලි කර තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |