සියලුම වර්ගවල ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකින් ඉන්ධන බද්දක්.

Sri Lanka
By Wayomi Apr 08, 2023 07:13 AM GMT
Report

සියලුම වර්ගවල ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් දහයක ඉන්ධන බද්දක් පැනවීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා.

ඒ, මාර්ග නඩත්තු අරමුදල වෙනුවෙන්.

මෙම බද්ද අය කිරීමට යෝජනා කර ඇත්තේ යතුරුපැදි ද ඇතුළු සියලුම වාහනවල ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී අය කිරීමට යෝජිත රුපියල් සියයක මාර්ග නඩත්තු ගාස්තුවට අමතරවයි.

ඒ අනුව මෙම මාර්ග නඩත්තු ගාස්තුවෙන් වාර්ෂිකව අපේක්ෂිත ආදායම රුපියල් කෝටි අසූවක් වන අතර මාර්ග නඩත්තුව සඳහා වාර්ෂිකව වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි දෙදහස් දෙසියයක් පමණ වන බව අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති පත්‍රිකාවේ සඳහන්.

2005 වසරේ දී ද මෙවැනි ඉන්ධන බද්දක් පනවා තිබී ඇති නමුත් ඇතැම් හේතු මත එය අවසන් අදියරේදී අත්හැර දමා තිබෙනවා.

යළිත් ඇති කෙරෙන එම බද්ද කළමනාකරණය කිරීමට මහාභාණ්ඩාගාරය, අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය නියෝජනය කෙරෙන ආකාරයට කළමනාකරණ කමිටුවක් ඇති කිරීමටද යෝජනා කර ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW