ආගන්තුක ද්‍රව්‍යයක් ත්‍රිකුණාමල වෙරළ තීරයට ගොඩ ගසයි.. (VIDEO)

Sri Lanka
By krishani Apr 14, 2023 04:18 AM GMT
Report

පෙරේදා (12) දින, ත්‍රිකුණාමලය වෙරළ තීරයට ගොඩගසා තිබූ කළු පැහැති ආගන්තුක ද්‍රව්‍යය නෞකාවකින් මුහුදට මුදාහරින ලද අපද්‍රවයක් විය හැකි බව ත්‍රිකුණාමලය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නැගෙනහිර පළාත් සහකාර කළමනාකාර පී. ශ්‍රීපති මහතා පැවසීය.

කෙසේවෙතත් ඊයේ (13), ඔහු ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක් විය.

ඔවුන් විසින් අදාළ ආගන්තුක ද්‍රව්‍යවල සාම්පල කිහිපයක් ද රැගෙන යන ලදී.

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join