පස් හැවිරිදි දරුවෙක්ව මවක් මහ මග දමා ගිහින්..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 23, 2023 03:38 AM GMT
Report

පස් හැවිරිදි පිරිමි දරුවෙකු මහ මග දමා ගොස් සිටිය දී ඇඹිලිපිටිය - කුට්ටිගල පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

විමර්ශන වලින් අණාවරනය වී ඇත්තේ, කුට්ටිගල ප්‍රදේශයේම පදිංචි මෙම දරුවා ත්‍රිරෝද රථයකින් රැගෙන විත් මෙලෙස මහ මග දමා ගොස් ඇත්තේ මව සහ සුළු පියා විසින් බවටයි.

මව විසින් මෙම දරුවාට පහර දී තුවාල සිදු කර ඇති බවත් සැමියා හැරගිය පසු කුඩා දරුවාගේ මව දෙවන විවාහයක් සිදුකරගෙන ඇති බවත් අනාවරණ වී ඇත.

කෙසේවෙතත්, ප්‍රතිකාර සඳහා දරුවා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කළ අතර අධිකරණ වෛද්‍යවරයා වෙත ද ඉදිරිපත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join