වෙළෙඳසැලක ගින්නක්..

Sri Lanka Fire
By krishani Apr 14, 2023 03:27 AM GMT
Report

ඊයේ (13) රාත්‍රියේ, ගිරිඋල්ල ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකර තිබූ ගිනිකෙළි වෙළෙඳසැලක ගින්නක් හටගෙන ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළේ ය.

ගිරිඋල්ල පොලීසියේ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් එම ගින්න මැඩ පවත්වා ඇත.

ගින්න හේතුවෙන් එම වෙළෙඳසැලේ තිබු සියලු ගිනිකෙළි තොග විනාශ වී ඇති අතර ගින්නෙන් දෙපස තිබූ වෙළෙඳසැල් දෙකක දේපළවලට ද හානි සිදු වී තිබෙනවා.

කෙසේවෙතත්, ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join