හොර රහසේම ලංකාවට ඇතුල් වීමට තැත් කළ ඉරාක ජාතික පියපුතු දෙපළ.

Sri Lanka
By Wayomi Apr 07, 2023 10:39 AM GMT
Report

ව්‍යාජ ගුවන් බලපත්‍රයක් භාවිතා කරමින් මෙරටට ඇතුලු වීමට උත්සාහ කළ 18 හැවිරිදි ඉරාක ජාතික තරුණයෙකු සහ ඔහුගේ පියා කටුනායකින් රේගු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඔවුන් ඩුබායි සිට පැමිණ ඇති අතර නැවත ඩුබායි රාජ්‍ය බලා පිටුවහල් කර ඇති බව සඳහන්.

මෙම පිය පුතු දෙදෙනා ගුවන්තොටුපල බලධාරීන් විසින් පරික්ෂාවට ලක් කර ඇත්තේ පිටත්වීමේ පර්යන්තයේදියි.

එහිදී රේගු බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත්තේ ඩොමිනිකානු ජනරජයට අයත් ගුවන් බලපත්‍ර දෙකක් වන අතර ඒවා ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට කළ පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW