මිය ගිය කාන්තාවක් වෙනුවෙන් කදුළු සලන බල්ලෙක්.(VIDEO)

Sri Lanka
By Wayomi Mar 17, 2023 12:59 PM GMT
Report

මියගිය කාන්තාව මිහිදන් කිරීමට කඳුළු සලන බල්ලෙකු නිවසේ සිට සොහොන් බිමට යන දර්ශනය කාගේත් සංවේගයට හේතු වී තිබෙනවා.

වසායිචේන පොලිස් වසමට අයත් කින්නයාඩි ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි මුතුකුමාර් එල්ලුප්පිල්ලෙයි නමැති කාන්තාවක් වසර ගණනාවක සිට සිය නිවසේ සුනඛයෙකු ඇති කර ගෙන සිට තිබෙනවා.

මෙහිදී කලක් රෝගාතුරව සිටි මහලු කාන්තාව තම දියණියගේ නිවසේ පදිංචිව සිටි අතර එම මහලු කාන්තාව විසින් ඇති දැඩි කරන ලද බල්ලා දියණියගේ නිවසට ගොස් ඇති අතර එලෙස සිය දියණියගේ නිවසේ පදිංචිව සිටි මහලු කාන්තාව පසුගිය15 වනදා මිය ගියා.

එය දැනී කඳුළු සලන බල්ලා කාන්තාවගේ දේහය අසලම සිටගෙන සිට ඇති අතර දේහය මිහිදන් කිරීමට රැගෙන යන මොහොතේද කිලෝමීටර් 4ක් පමණ ඇති සොහොන් බිමට ද මෙම බල්ලා ගොස් තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්