ප්‍රතිකාර ගැනීමට එන කාන්තාන්ට ලිංගික අඩත්තේට්ටම් කළ වෛද්‍යවරයෙක් ගැන අනාවරණයක්.

Kurunegala Sri Lanka
By Wayomi Jan 27, 2023 07:33 AM GMT
Report

කුරුණෑගලට ආසන්න ප්‍රදේශයක පිහිටි රජයේ රෝහලක ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා තමන්ගෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදු වීමක් වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

ඒ, මෙම වෛද්‍ය නිලධාරියා රෝග පරීක්ෂා කරන මුවාවෙන් ලිංගික අතවරයකට ලක්කළේ යැයි මාවතගම ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක් කරන ලද පැමිණිල්ලකට අනුවයි.

එමෙන්ම මෙම වෛද්‍යවරයා විශ්‍රාම යාමට තවත් වසරක කාලයක් ඉතිරිව ඇති බවත් වාර්තා වෙනවා.

පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් කරන ලද පහරදීමක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත වූ පැමිණිලිකාර කාන්තාව මෙම සිද්ධියට මුහුණ පා තිබෙනවා.

මෙම කාන්තාව පරීක්ෂාවට ලක්කිරීමට පෙර වෛද්‍යවරයා පැය භාගයකට වැඩි කාලයක් විවිධ ලිංගික කරුණු සම්බන්ධයෙන් එම කාන්තාව සමඟ දුරකථන සංවාදයක යෙදී ඇති අතර කාන්තාව එම සංවාදය තම ජංගම දුරකථනය මගින් පටිගත කර එය තම සැමියාට ලබාදී ඇති බවද සඳහන්.

රෝහලේදී මෙන්ම මෙම වෛද්‍යවරයා පවත්වාගෙන යන පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකදීද ප්‍රතිකාර සඳහා පැමිණෙන කාන්තාවන් විශාල පිරිසක් මේ වන විට මොහුගේ අතවරයට ලක්ව ඇති බව වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් සමාජයට හෙළි වෙතැයි බියෙන් සහ ලැජ්ජාවෙන් ඔවුන් එම අතවර සිද්ධීන් සඟවාගෙන සිටි බවත් සඳහන්.

මෙම ලිංගික අපයෝජනයන්ට අමතරව රෝහල තුළ සිදුකරන ලද වංචනික ක්‍රියාවන් රැසකටද සම්බන්ධ බවට අදාළ වෛද්‍යවරයාට විරුද්ධව චෝදනා එල්ල වී ඇති බවද වාර්තා වෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW