රැඳවියෙක් මහවැලි ගඟට පැනලා..

Sri Lanka Police Sri Lanka
By krishani Mar 25, 2023 07:13 AM GMT
Report

පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේ සිටි රැඳවියෙකු අත්අඩංගුවෙන් මිදී මහවැලි ගඟට පැන පලායාමට උත්සාහ දරා ඇත.

ඊයේ (24) අතුරුදන් වූ එම සැකකරු අවුරුදු 34ක් වූ කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් වේ.

හෙරොයින් ළඟ තබා ගැනීමේ වරදට බන්ධනාගාරගතව පුනරුත්තාපනය වෙමින් සිටි මෙම රැඳවියා සොයා නාවික හමුදාව සහ පොලිසිය විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join