සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක ඝන දූවිලි කුණාටුවක්

Astrology
By Sewvandhi Mar 24, 2023 02:17 PM GMT
Report

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක ප්‍රථම වරට ඝන දූවිලි කුණාටුවක් නිරීක්ෂණය වී තිබෙනවා. එය නිරීක්ෂණය වී ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක් පමණ දුරින් පිහිටි VHS 1256b ලෙස හැඳින්වෙන ග්‍රහලෝකයෙන් බව අනාවරණය වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

උසස් තාක්ෂණයකින් සමන්විත James Webb අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) භාවිතයෙන් මෙම දූවිලි කුණාටුව නිරීක්ෂණය කර තිබෙනවා. නමුත් James Webb දුරේක්ෂය මගින් අනාවරණය කරන ලද කුණාටුව අපගේ ග්‍රහලෝකයේ කාන්තාරවල දක්නට ලැබෙන සංසිද්ධිය නොවන අතර එය ඝන මීදුමක් අකාරයෙන් දැකිය හැකි බවයි වාර්තා වන්නේ.

VHS 1256b ග්‍රහලෝකයෙහි වලාකුළු පෘථිවියේ වලාකුළු හා සමාන වන නමුත් ඒවා තරමක් උණුසුම් වන අතර වලාකුළු මුදුනේ උෂ්ණත්වය ඉටිපන්දම් දැල්ලක උෂ්ණත්වයට සමාන බව සඳහන් වනවා.

චිලී රාජ්‍යයේ Webb Vista දුරේක්ෂය මගින් VHS 1256b ග්‍රහලෝකය මුලින්ම හදුනාගැනීමට සමත්වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%