රැල්ල පාගන්න ආ අඩි 07ක විසල් කිඹුලා - ජනතාවට විශේෂ දැනුම්දීමක්.. (VIDEO)

Sri Lanka Police Sri Lanka
By krishani Apr 29, 2023 06:17 AM GMT
Report

ඊයේ (28) පස්වරුවේ, පානදුර මුහුදු වෙරළට අඩි හතකට ආසන්න දිගකින් යුත් කිඹුළෙක් පැමිණ ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය සඳහන් කළේ ය.

සවස 5.30 ට පමණ කිඹුළෙකු වෙරළ ආසන්නයේ ඇති ගල්වැටිය අසලට පමණ පැමිණ සිටීන බව දැක ධීවරයෙක් විසින් වෙරළ ආරක්ෂක නිළධාරීන්ව දැනුවත් කර ඇත.

ඉන් අනතුරුව, වෙරළ ආරක්ෂක නිළධාරීන් පැමිණීමේදී කිඹුලා මුහුදට ඇදී ගොස් වෙරළට මීටර් 10 - 20 ත් අතර දුරකින් ආසන්න මුහුදේ රාත්‍රිය වන තුර සැරිසරා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කිඹුලා පිළිබඳ අත්තිඩිය වනජීවි නිළධාරීන් දැනුවත් කර තිබෙනවා.

කෙසේවෙතත්, අද ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරන අතර කිඹුලා මුහුදු වෙරළෙන් ඉවත් කරන තුරු මුහුදේ දියනෑමේ දී සහ සිරි නැරඹීමට පැමිණිමේ දී සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel