කතරගම මහා දේවාලයේ ආරක්ෂාවට තර්ජනයක් වූ පවුල් ගැටුම්..

Sri Lanka Police Sri Lanka Latest Headlines
By Piyumika Jul 02, 2024 09:23 AM GMT
Report

කතරගම ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමග දේවාලයේ පාරම්පරික කපු පරපුර දෙකක පිරිසක් අතර පවතින ගැටුමක් උස්සන්න වී නැවත අරබුදයක් නිර්මාණය වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

අධි මාත්‍ර ඖෂධ ගන්න රොහල් සෙවකයකු එක්ක ගහපු ගේම මාට්ටු..

අධි මාත්‍ර ඖෂධ ගන්න රොහල් සෙවකයකු එක්ක ගහපු ගේම මාට්ටු..

පසුගිය 30 වැනි දින සවස දේවාලයට පැමිණි රත්නායක කපු පරපුරට අයත් අයකුට මෙම මාසය භාර කපු මහතකු වන ගයාන් රාජපක්ෂ මහතා පහරදුන් බව පවසා උපුල් රත්නායක යන අය කතරගම රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට ක්‍රියා කර තිබේ .

උපුල් රත්නායක මහතා තමන්ට පහර දුන් බවට කතරගම පොලිසියේ ද පැමිණිල්ලක් දමා ඇත .

ගජමුතු වෙළදාමේ ගිය ලාන්ස් කෝප්‍රල් අත්අඩංගුවට..

ගජමුතු වෙළදාමේ ගිය ලාන්ස් කෝප්‍රල් අත්අඩංගුවට..

මෙම ආරවුල පවුල් අතර සිදු වී ඇති ගැටලුවක් බව සඳහන් වේ.

මේ වන විට රුහුණු මහා කතරගම දේවාලයේ තේවා කටයුතු සිදු කරන කපු පරම්පරා 03 කි. රත්නායක පරපුර, රාජපක්ෂ පරපුර, මුණසිංහ යන කපු පරපුර සේවය කරන අතර අතීතයේ අදිකාරම් පරපුර දේවාලයේ සේවය කර තිබේ.

අද දින LPL තරඟාවලියේ තරග දෙකට මොකද වෙන්නෙ..

අද දින LPL තරඟාවලියේ තරග දෙකට මොකද වෙන්නෙ..

මෙම කපුමහතුන් අතර පවතින ගැටුම දේවාලයේ ආරක්ෂාවට ද තර්ජනයක් බවට පත්වෙමින් පවති.

කතරගම පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්හ කර ඇත.

මේ අතර පෙරහැර සමයේ දේවාලයේ ආරක්‍ෂායට හමුදාවද කැදවා ඇත.