මහ පාරේ කඩු සහ පොලු මුගුරු රැගෙන දෙපිරිසක් අතර ගැටුමක් - නිවාස කිහිපයකටත් පහර දීලා..

Sri Lanka Police Sri Lanka Maradana
By krishani Apr 16, 2023 01:10 AM GMT
Report

පෙරේදා (14) රාත්‍රියේ, මරදාන උපරිමාධිකරණය අසල, ලොකෙට් මාවතේ කඩු සහ පොලු මුගුරු රැගෙන පැමිණි පිරිසක් නිවාස කිහිපයකට සහ ත්‍රීරෝද රථවලට පහර දී අලාභහානි කර ඇත.

මියගිය කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයන් පිරිසක් මෙලෙස පරදීමට පැමිණ ඇත්තේ.

ලොකෙට් මාවත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙක් ඔවුන්ගේ ඉලක්කය වී ඇති අතර ඔහු පහරදීමට පැමිණි කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකුට පහර දී පළාගොස් ඇත.

මේ අතර, පළාගිය පුද්ගලයා අල්ලාගත් දිනුකගේ ගෝලයින් ඔහුට දරුණු ලෙස පහර දී තුවාල සිදුකර ඇති බව පොලිසිය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join