චීනය දෙවුන්දර තුඩුවට රේඩාර් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැරසෙයි.? (VIDEO)

Ali Sabry Sri Lanka China
By Wayomi Apr 10, 2023 09:02 AM GMT
Report

චීනය විසින් මෙරට දෙවුන්දර තුඩුවේ රේඩාර් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ඉන්දීය ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

ඒ, ඉන්දියන් සාගරයේ ඉන්දීය නාවික හමුදාවේ ක්‍රියාකාරකම් සහ දකුණු ඉන්දියාවේ මර්මස්ථාන පිළිබඳ තොරතුරු ලබාගැනීමටයි.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය වාර්තාව සම්බන්ධයෙන් අද (10) දිනය තුළ නිවේදනයක් නිකුත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සඳහන් කර ඇත්තේ.

එමෙන්ම අදාළ රේඩාර් මධ්‍යස්ථානය මගින් දකුණු ඉන්දියාවේ පිහිටි කුඩන්කුලම් සහ කල්පක්කම් න්‍යෂ්ටික බලාගාර ඇතුළු දකුණු ඉන්දීය උපාය මාර්ගික මර්මස්ථානවල තොරතුරු ලබාගැනීමට චීනයට හැකිවනු ඇති බවද අදාළ පුවත්පත් වාර්තාව සඳහන් කරන්නේ.

අන්දමන් සහ නිකෝබාර් දූපත් වෙත ගමන් කරන ඉන්දීය නාවික යාන්ත්‍රා එම යෝජිත රේඩාර් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ පථයට ග්‍රහණය වන බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව මෙම රේඩාර් මධ්‍යස්ථානය පිහිටවනු ලැබුවහොත් කලාපයේ ඉන්දීය ක්‍රමෝපාය අභිලාෂයන් මෙන්ම දකුණු ඉන්දියාවේ වැදගත් මර්මස්ථානවල තොරතුරු අවදානමකට ලක්වන බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.      


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW