පරිගණක ක්‍රීඩා අභියෝගයක් නිසා පාසල් සිසුවෙකු තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලකින් පනියි - පිටු 7ක ලිපියක් ද ලියලා හමු වෙයි..

Sri Lanka Police Jaffna
By krishani Mar 14, 2023 10:11 AM GMT
Report

යාපනයේ ජනප්‍රිය පාසලක පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ සිසුවෙකු එම ක්‍රීඩාවේ සදහන් ආකාරයට තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලකින් පැන සිය දිවිහානි කර ගැනීමට තැත් කළ පුවතක් වාර්තා වේ.

අද (14) උදෑසන කාලයේ දී එම සිසුවා තට්ටු ගොඩනැගිල්ලේ අසාමාන්‍ය ලෙසට ගමන් කරන ආකාරය ගුරුවරුන් හා සිසුන් පිරිසක් දැක ඇත.

ඔවුන් ඒ පිළිබඳ අවධානයෙන් සිටිය දී අදාළ එම සිසුවා එක්වරම තට්ටු ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇත.

එහිදී විදුලිය සපයා නැති පැරණි විදුලි රැහැන් පද්ධතියක සිසුවා පැටලී බිම වැටී ඇත.වැටීමට ‍යම් කාලයක් ගත වීම හේතුවෙන් ගුරුවරුන්ට හා සිසුන්ට සුළු තුවාල ලැබූ ඔහුව බේරා ගැනීමට හැකි වී ඇත.

ඉන්පසුව ඔහුව ගිලන් රථයක ආධාරයෙන් රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති අතර සිසුවාගේ පොත් බෑගය පරීක්ෂා කිරීමේ දී ඔහුගේ ජීවිතය හා පරිගණක ක්‍රීඩාව ගැන තොරතුරු සදහන් කරමින් ඔහු විසින් ලියා තිබූ පිටු 7ක ලිපියක් ගුරුවරුන්ට හමු වී ඇත.

එම තොරතුරුවලට අනුව එම පරිගණක ක්‍රීඩාවේ නිරත වන පිරිස ඔහු වෙත ලබා දෙන යම් අභියෝගයක් බාර ගත යුතුව ඇති බවත් මොහු ද එවැනි අභියෝගයක් බාර ගනිමින් පාසලේ තට්ටු ගොඩනැගිල්ලෙන් බිමට පැනීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

වැඩිදුර පරීක්ෂණ යාපනය පොලීසිය විසින් සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.